Gossips

මැලේසියාවේ භූ කම්පනයක්

මැලේසියානු – සබා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 5. 2 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඊයේ(08) රාත්‍රී 9ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ හේතුවෙන් මැලේසියානු සබා ප්‍රාන්තයේ කිනබාලූ කන්ද තරණය කිරීම ද අත්හිටුවීමට එරට සංචාරක අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
භූ කම්පනය සිදුවන අවස්ථාවේදී කන්ද තරණය කරමින් සිටි සංචාරකයින් 130 දෙනෙකු මුදා ගැනීමේ කණ්ඩායම් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.