මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිය දේශපාලන පක්ෂය වූ එක්සත් මැලේ ජාතික සංවිධානයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද ප්‍රකාශ වුණා. 
පක්ෂයේ උප සභාපති සහ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ශාහිඩ් හමීඩි ඒ බව සනාථ කළේ යැයි මැලේසියානු මාධ්‍ය වාර්තා කළා. 
නජීබ් රසාක් සිය පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකට අද සහභාගි වන අතර, එහිදී මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ඇති. 
පසුගිය දා පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ නජීබ් රසාක්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රටින් නික්මීම ද වළක්වා තිබෙනවා. 
ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙන්.



