Gossips

මැලේසියාවේ නව රජය චීන ව්‍යාපෘති ගිවිසුම් 3 ක් අවලංගු කරයි

අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ්ගේ නායකත්වයෙන් යුත් මැලේසියාවේ නව රජය, පසුගිය නජීබ් රසාක් රජය විසින් චීනය සමඟ අත්සන් තැබූ දැවැන්ත ව්‍යාපෘති 3 ක් අවලංගු කර තිබෙනවා.
මහා පරිමාණ සන්නිවේදන නල මාර්ග ව්‍යාපෘති දෙකක් සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ඊට ඇතුළත්.
කිලෝමීටර් 688 ක් දිගැති දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 22 කට වැඩි ප්‍රමාණයක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 250 ඉක්මවූ විදේශ ණය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව නව රජය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් එය චීනය ඉලක්ක කර ගත් තීරණයක් නොවන බවයි අගමැති මහතීර් ප්‍රකාශ කර ඇත්තේ.