නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් 92 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පාලක සන්ධානයේ සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය ජුලි 2 වන දා දිවුරුම්දීමට නියමිතයි.
දැනට අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, අනෙකුත් අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීමයි එදින සිදුවනු ඇත්තේ.
සිය අමාත්‍ය මණ්ඩලය 29 දෙනෙකුගෙන් සමන්විත වන බව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළා.
ඔහු සිය ඇමති මණ්ඩලය පත් කිරීම පමා කරන බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මැලේසියානු රජුගේ අනුමැතිය ලැබීමෙන් පසු එය මෙලෙස සිදුවන බවයි.