Gossips

මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ මර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය පාලන සමය තුළ ආරම්භ කෙරුණු මැලේසියානු සංවර්ධන අරමුල මගින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට එල්ලවී ඇති චෝදනාවලට අදාළවයි.
හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය මැයි 9 වනදා පැවති මැතිවරණයෙන් පරාජයට පත් වුණා.
ඔහු හෙට ක්වාලාලම්පූර් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.