Gossips

මැලේසියානු හිටපු අගමැති නජීබ්ගේ බිරිදගෙන් ප්‍රකාශයක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිද රොස්මා මන්සූර්ට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එරට දූෂණ විමර්ශන කොමිසම කැදවීමක් කර තිබෙනවා.
හිටපු අගමැතිවරයාට දූෂණ චෝදනා එල්ල වන මැලේසියානු සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් ඇගෙන් මෙම ප්‍රකාශය අගහරුවාදා උදෑසන ලබා ගැනීමට නියමිතයි.
ඒ සදහා පුත්‍රජායා හි පිහිටි දූෂණ විමර්ශන කොමිසමේ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ඇයට දැනුම්දී තිබෙනවා.
හිටපු අගමැති නජීබ් රසාක් විසින් මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන 10 යි දශම 6 ක මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුම්වලට හරවාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.