Gossips

මැලේසියානු පොලීසිය, හිටපු අගමැති නජීබ්ගේ සුපිරි නිවහනක් වටලයි

මැලේසියානු පොලීසිය හිටපු අගමැති නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයන් භාවිත කළ ක්වාලාලම්පූර් නුවර සුපිරි නිවහන් සංකීර්ණයක් ඊයේ (12) වටලා තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වාහනයකින් සැකකටයුතු මළු රැසක් එහි රැගෙන ගිය බවට ලැබුණු තොරතුරකට අනුවයි.
ඩොලර් බිලියන ගණනක මූල්‍ය දූෂණ චෝදනා එල්ලවන හිටපු අගමැතිවරයා සංවේදි ලිපි ගොනු මෙලෙස රටින් පිට කිරීමට උත්සහ කරන්නේද යන්න පිළිබඳව නව රජයේ සැකය යොමුවී තිබෙනවා.
නජීබ් රසාක් බලයෙන් පහකරමින් අග්‍රාමාත්‍ය ධුරයට පත් මහතීර් මොහොමඩ් කියා සිටියේ හිටපු අගමැතිවරයා රටින් පිටවීම වැළැක්වූයේ තමා විසින් බවයි.