Gossips

මැලේසියානු කාන්තාවන් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 90 කින් ජය හිමිකරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 136ක් රැස්කළා.
එහිදී යශෝදා මෙන්ඩිස් ලකුණු 36 ක් රැස්කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින්.
හසිනි පෙරේරා ලකුණු 32 රැක්සරමින් අවසානයේ නොදැවී ඉනිම ඔසවා තැබුවේ හතරේ පහර 4 ක් සමඟින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 46 ක් පමණයි.
පන්දු යැවීමේදී අගනා මෙහෙයක් ඉටුකළ නිලක්ෂි ද සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළා.
පන්දුවාර 4 ක් යොමුකරමින් ලකුණු 13 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදුන් නිලක්ෂි යොමුකළ එක් පන්දුවාරයක් නිලකුණු පන්දුවාරයක් කරගැනීමටද සමත් වූවා.
සශිකලා සිරිවර්ධන කඩුලු 2ක් දවාගත් අතර ඕෂධී රණසිංහ එක් කඩුල්ලක් දවාගත්තා.
තරඟයේ ක්‍රීඩිකාව වූයේ නිලක්ෂි ද සිල්වා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ජයග්‍රහණ දෙකක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.
අද පැවති තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.