Gossips

මැලේසියානු අගමැති මහතිර් මොහොමඩ්, පාකිස්ථානයේ

මැලේසියානු අගමැති මහතිර් මොහොමඩ් තුන්දින නිල චාරිකාවක් සඳහා ඊයේ රාත්‍රියේ පාකිස්ථානයට පැමිණියා.
රාවල්පිණ්ඩි නුවර, නූර් ඛාන් ගුවන් හමුදා ගුවන්තොටුපල වෙත පැමිණි මැලේසියානු අගමැතිවරයා පිළිගනු ලැබූවේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් විසින්.
ඔහු පාකිස්ථානයට පැමිණ ඇත්තේ සෑම වසරකම මාර්තු 23 වනදා සැමරෙන පාකිස්ථාන දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු නිල උත්සවයට සහභාගි වීමටයි.
මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ලෙස හතරවන වරටත් පසුගිය වසරේදී පත්වීමෙන් අනතුරුව මහතිර් මොහොමඩ් පාකිස්ථානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
ඔහුගේ සංචාරයේදී මැලේසියාව සමඟ ආයෝජන ගිවිසුම් රැසකට එළඹීමට පාකිස්ථානය සැලසුම් කර තිබෙනවා.