Gossips

මැල්සිරිපුර අනතුරකින් තරුණයෙකු මරුට

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර නගරයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකු වන අතර, ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය ගොකරැල්ලේ සිට දඹුල්ල දක්වා ධාවනය කරමින් සිට තිබුණා.