Gossips

මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කෙරේ

ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කළ බවයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
වෙසක් දිනය අප්‍රේල් 29 වනදාට යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය මෙවර මැයි 7 වනදා සමරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.