Gossips

මැයි රැළිවලට සියළු පක්ෂ සූදානම්

මැයි 7 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටිනවා.
කෙසේ නමුත්, එක්සත් ජාතික පක්ෂය මෙවර සිය මැයි දින රැළිය සංවිධාන කර ඇත්තේ හෙට දිනයේදියි.
එය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ හෙට පෙරවරුවේ ආරම්භ වන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය අනිද්දා පස්වරු දෙකට මඩකලපුව – චෙන්කල්අඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වී විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් 16 දෙනා තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මැයි දින රැළිය අනිද්දා පස්වරු එකට පැවැත්වෙන්නේ ගාල්ල – සමනල ක්‍රීඩාංගණයේදියි.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය අනිද්දා මධ්‍යහ්න 12 ට බොරැල්ල කැම්බල් පිටිය අසළින් ආරම්භ වනවා.
අනතුරුව මැයි දින රැළිය එදින පස්වරු 3 ට කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ජාතික හෙළ උරුමය සංවිධාන කරන මැයි දින පෙළපාලිය අනිද්දා පෙරවරු 9 ට කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන අතර, මැයි දින රැළිය එදින පෙරවරු 10.30ට කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.