Gossips

මැන්කුට් සුළි සුළඟින් රටවල් රැසකට බලපෑම් සිදුවන ලකුණු

අද (15) අලුයම හමා ආ වසරේ ප්‍රබලතම සුළි කුණාටුව මැන්කුට්, මේ වන විට පැයට කිලෝමීටර් 255ක වේගයක් සහිත සුළං දහරා සමඟ පිලිපීන දිවයින් පෙළ සිසාරා ඉදිරියට ඇදෙමින් පවතින බව වාර්තා වනවා.
මිලියන සංඛ්‍යාත ජන කොටසක් සුපිරි සුළි සුළඟ පථයේ සිටින අතර, එමගින් විශාල හානියක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර, ගස් ඉදිරී, විදුලි මාර්ග බිද වැටී අධික වර්ෂාව සමඟ ජල ගැලීම් ද ඇතිවෙමින් පවතින බව සදහන්.
මැන්කුට් චණ්ඩ මාරුතය පිලිපීනය හරහා චීනය දෙසට ඇදෙනු ඇතැයි කාලගුණ අංශ විශ්වාස කරන අතර, හොංකොං දිවයිනට සහ උතුරුදිග වියට්නාමයට ද ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි අනාවැකි පළ වනවා.