Gossips

මැන්කුට් මාරුතයෙනුත් ජීවිත හානි

උතුරුදිග පිලිපීනයට හමා ආ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් ප්‍රථම ජීවිත හානි වාර්තා වී තිබෙනවා.
පිලිපීන පොලීසිය සඳහන් කළේ සුළි සුළඟ සමඟ ඇති වූ ජල ගැලීම් හා නාය යාම්වලින් මෙලෙස කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
මැන්කුට් මේ වසරේ පිලිපීනයට හැමූ ප්‍රබලතම සුළි සුළඟ වන අතර පැයට කිලෝමීටර් 305 දක්වා වේගයක් සහිත සුළං දහරා වලින් එය සමන්විතයි.
පිලිපීනය හරහා එය දකුණුදිග චීනයට හා වියට්නාමයට ද බලපෑම් ඇති කරනු ඇතැයි කාලගුණ අංශ ප්‍රකාශ කළා.