Gossips

මැද පෙරදිග සේවය කළ කාන්තාවන් රවටා මුදල් ගැරූ ජාවාරම

මැද පෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස සේවය කර නැවත මෙරටට පැමිණි කාන්තාවන්ට රජයෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
කුවේට්, සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල සේවය කර යළි මෙරටට පැමිණ සිටින අනුරාධපුර, පොලොන්නරුව ආදී ගම්බද ප්‍රදේශවල කාන්තාවන් සොයා යන මෙම කාන්තාව ඔවුන්ට පවසන්නේ විදෙස් රැකියාවේ නිරත කාලය අනුව වන්දි මුදලක් රජයෙන් ලබාදෙන බවයි.
එය ලබා ගැනීම සදහා රුපියල් 7,500 ක මුදලක් වැය කර වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බව ද ඇය පවසා තිබෙනවා.
මේ පිළිබද සැකසිතූ පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. වෙත පසුගිය දා දන්වා සිටියේ පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ කාන්තාවන් 13 දෙනෙකු රැගෙන මෙම කාන්තාව කොළඹ මරදාන ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණෙන බවයි.
ඒ අනුව අප මෙම ස්ථානයට ගොස් කාන්තාවගෙන් රජයෙන් ලබා දෙන බව කියනා වන්දි මුදල සම්බන්ධයෙන් විමසා සිටියා.