මැදිරිගිරිය – කවුඩුළුවැව – බිසෝ බණ්ඩාර ප්රදේශයේ අද පස්වරුවේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා.
17 හැවිරිදි උන්වහන්සේ යාය 1, ශ්රී ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමි නමක් බවයි හිරු ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
යතුරුපැදියේ පසුපස ගමන් කරමින් සිටියදී යතුරුපැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියා සිටියා.
