Gossips

මැදියම් රැයේ උදාවූ නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි

ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් අද (25) නත්තල් දිනය සමරණු ලබනවා.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට බිහි වූ දිනය වශයෙන් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදාවුණා.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී කිතුණු බැතිමතුන් එය සැමරුවේ මහත් උද්යෝගයෙන්.
රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පාප් වහන්සේ ලෝකවාසී ජනතාවට ආශීර්වාද පැතූ අතර, නත්තල් පණිවුඩය ද දේශනා කළා.
මේ අතර, මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ (24) රාත්‍රි 11.45 ට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල – ශාන්ත ජෝශෆ් දෙව් මැදුරේදී පැවැත්වුණා.
එහිදී කොළඹ අගරදගුරු හිමියන් නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින් රටවාසීන්ට හා ලෝකවාසීන්ට සාමය ප්‍රාර්ථනා කළා.
ඊට සමගාමීව දිවයින පුරා දේවස්ථාන සියල්ලගේම පාහේ විශේෂ නත්තල් දේව මෙහෙයන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණා.