Gossips

මැදින් පුන්පොහොය දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී

මැදින් පුන් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වූ අතර, එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින්, ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විංසද් වාර්ගික කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියන් විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූයේ පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් විසින්.
එමෙන්ම, විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වුණා.
මීට අමතරව, උදෑසන 10 සිට 11.00 දක්වා විශේෂ කවි බණ වැඩසටහනක් ගාල්ල – කොටිගලහේන ශ්‍රී පරමේන්ද්‍රාරාම පුරාණ විහාරවාසී පූජ්‍ය කාව්‍ය විශාරද හිනිදුම සරණසිරි හිමියන් විසින් පවත්වනු ලැබුවා.
එමෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙනවා.