Gossips

මැදව්චියේ ජනතාව මාස 3 ක් අලි ගැටළුවකින් පීඩා විඳී

අනුරාධපුර – මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා වල්පොල ගම්මාන වන අලි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වනවා.
ගම්වාසීන් චෝදනා කළේ ප්‍රදේශයේ සැරිසරණ වන වන අලි තුන්දෙනෙකු හේතුවෙන් වගා රැසකට හානි සිදුකර ඇති බවයි.
මාස 3 කට ආසන්න කාලයක් වන අලි ගම්මානය පුරා සැරිසරන බවත් ඒ පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද විසඳුමක් ලැබී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ සම්න්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර වනජීවී කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ප්‍රදේශ ආශ්‍රිත කැලෑ එලි කිරීම් සහ අලි මංකඩ සහිත ස්ථානවල අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.