Gossips

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය දින 4 ක් අත්හිටුවයි

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ සිදුකරන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 26 වනදා උදෑසන 9.52 සිට ලබන මස දෙවනදා පස්වරු 2.20 දක්වා කාලසීමාව තුළ මෙම මාර්ගය වසා තැබෙන බවයි.
ඒ අනුව එම කාලසීමාව තුළ දුම්රිය මගීන් සඳහා තලෙයිමන්නාරමේ සිට මැදවච්චිය දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.