Gossips

මැදපෙරදිග කලාපයේ යළි යුද අවදානමක්

ඊශ්‍රායලය විසින් සිරියාවේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නව යුද්ධයක් ඇති වීමේ අවදානමක් පැන නැගී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරක යානයක් සිරියානු අහසේදී බිම හෙලීමත් සමඟයි ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කළේ.
ඊට ඇමරිකාවේ සහාය හිමි වුවද රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඒ පිළිබදව ඊශ්‍රායල ජනාධිපතිවරයා වෙත අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
සිරියානු ඩ්‍රෝන් යානක් තම ගුවන් තලයට පිවිසුණු බවට චෝදනා කරමිනුයි ඊශ්‍රායලය සිය මුල් ප්‍රහාරය දියත් කළේ.