Gossips

මැදට පැන්න ක්‍රීඩා ඇමති

මතභේදාත්මක කොදෙව් තරග සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.
අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියේ මාධ්‍ය හමුවේ එම අත්දැකීම් විස්තර කිරීම සඳහායි.
නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම ඊට බාධාවක් වුණා.
මෙවර කොදෙව් තරග සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසයේ දරුණුතම අවමානයකට මුහුණ දෙන්නට සිදුවුණා.
ඒල ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවන්ට ඔහු වරදකරුවීමත් සමඟයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊට විරෝධය දැක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ ආරම්භය පැය 2 කට ආසන්න කාලයක් ප්‍රමාද වුණා.