Gossips

මැති ඇමති වියදම් කැපීමේ යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ මැති ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සඳහා, වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය විමසූ අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122 ක්.
ඡන්ද විමසීමෙන් අනතුරුව දෙසැම්බර් 5 වනදා පෙරවරු 10 යි 30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටයි කතානායකවරයා පියවර ගත්තේ.
මැති ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සඳහා, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් විවාදය මේ වනවිට අවසන් වී තිබෙනවා.
මේ අතර, ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එය සම්මත කරනු ලැබුවා.
අද පාර්ලිමේන්තුවේ සභාවාරය ආරම්භ වීමට පෙර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවති අතර, ඉන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ අද දිනයේ ද ඔවුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කරන බවයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් ආණ්ඩු පක්ෂය නොමැතිව සභාවාරය ආරම්භ වූ අතර, එහිදී අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එය ස්ථිර කළා.