Gossips

මැති – ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ වෙළද සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජීවන වියදම ඉහළ යාම ඇතුළු ආර්ථික ගැටලූ බොහෝමයක් විසදා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මෙම අවස්ථාවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම කිසිසේ්ත් සුදුසු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
එම අවස්ථාවලදී ජනාධිපතිවරයා ලෙස තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප්‍රතික්ෂේප කළ බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ.