Gossips

මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුව මගහැර විදෙස් ගමන් තහනම්

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුව මගහැර මැති ඇමතිවරුන්ට විදෙස් ගතවීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුවී ඇති අතර, එහිදී අදාළ තීරණයට එළඹුණු බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මීට අමතරව පාර්ලිමේන්තු සාමාන්‍ය සැසිවාර පැවැත්වෙන කාලසීමාවන් හිදී නියමිත පරිදි දැනුම්වත් කර අවසර ලබාගැනීමෙන් පසුව පමණක් විදෙස් ගතවිය යුතු බවටද එකඟතාවකට පැමිණ තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිිරිපත් කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට විෂයභාර ඇමතිවරුන් සභා ගර්භයේ නොමැතිවීම පිළිබඳ විවිධ අවස්ථාවලදී ගැටළුකාරී තත්වයන් මතුවුණා.
එමෙන්ම ඇතැම් කල් තැබීමේ විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හිදී සභා වාරය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වුයේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය නොමැතිවීම හේතුවෙන්.