Gossips

මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – ඇමති විමල්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තීරණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙන ඇති බැවින් ඊට විරෝධතා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.
එම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ දයාසිරි ජයසේකර ද එක්ව සිටියා.