දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත්වුනා.
ඔහු මේ වන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 10ක්.
මැතිව්ස් මෙම දක්ෂතාව වාර්තා කළේ ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කරමින්.
ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ 09 වන පිතිකරුවා ලෙසටයි.
2009 වසරේ දී පකිස්ථානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී ටෙස්ට් වරම් ලැබු ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් ශතක 08 ක් සහ අර්ධ ශතක 28 ක් ලබා සිටිනවා.
ඔහුගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසට සටහන් වන්නේ ලකුණු 160 ක්.
සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 168 ක්.
මැතිව්ස් සමගින් ධනංජය ද සිල්වා ලකුණු 19 ක් ලබා පිටියේ රැඳී සිටිනවා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 53 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබාගත්තා.
