කායික ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වූ ශ්‍රී ලංකා පිළේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ නැවතත් තරඟ බිමට පිවිසුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් සීමිත පන්දු වාර තරගාවලියට අදාළව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති තරඟයක් සඳහායි.
එහෙත් එම තරඟයේදී මැතිව්ස් නියෝජනය කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රීඩා සමාජය වෙතින් කඩුලූ 3ක පරාජයක් ලැබුවා.
කෝල්ට්ස් පිළ පන්දු වාර 47යි පන්දු 3කදී ලකුණු 220කට දැවී ගිය අතර, මැතිව්ස් එහිදී ලකුණු 4කට දැවී ගියා.
පිළිතුරු වශයෙන් බදුරලිය පිළ පන්දු වාර 43කදී කඩුලූ 7ක් දැවී ලකුණු 224ක් රැස් කරමින් ජයග්‍රහණය හිමි කර ගත්තා.
කෝසල කුලසේකර නොදැවී ලකුණු 74යි.
