සංචාරක එංගලන්ත පිල සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 05 වන සහ අවසන් දිනය අදයි.
සිව්වන දිනය වූ ඊයේ වර්ෂාව නිසා තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියා.
එංගලන්ත දෙවන ඉනිම ලකුණු 346 කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 301 ක ඉලක්කයක් හිමි වුණා.
තරගයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් අතැතිව ශ්‍රී ලංකා පිල තවමත් සිටින්නේ එංගලන්තයට වඩා ලකුණු 74 ක් පිටුපසින්.
ඊයේ දිනයට තරගය නිමාවීමෙන් අනතුරුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින බවයි.
හොඳ එක් සබඳතාවක් ඒ සඳහා ඉවහල් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අපේක්ෂා පළ කළේ.