Gossips

මැතිව්ස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක් රැස් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා.
ඒ, මහනුවර කණ්ඩායම සමඟ තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවැත්වෙන තරගයේදියි.
එහිදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 106 කදී ලකුණු 101 ක් රැස් කළේ හයේ පහර දෙකක් සහ හතරේ පහර 9 ක් එල්ල කරමින්.
දඹුල්ල කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 325 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට පන්දු වාර 42 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 231 ක් පමණයි.