Gossips

මැතිවරණ රාජකාරි මගහැරියොත් වසර 3 ක් සිරගෙට

ඡන්ද විමසීම සඳහා රාජකාරි යොදවා ඇති ඇතැම් රාජ්‍ය නිලධාරින් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඡන්ද විමසීමකදී ඒ සඳහා රාජකාරිමය වශයෙන් සක්‍රිය සහය ලබාදීමට ඔවුන් බැඳී සිටින බවයි.
මැතිවරණ කොමිසමේ විධි විධානවලට අනුව එය උල්ලංඝනය කරන රාජ්‍ය නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර 3 ක සිරදඬුවමකට යටත්වීමට සිදුවනු ඇති බවටයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.