Gossips

මැතිවරණ නීති කැඩූ 39 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ ඡන්ද ප්‍රකාශ කෙරෙන කාලසීමාව තුල අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා බවයි.
අත්අඩංගුවට පත්වුවන් අතර අපේක්ෂකයන් 8 දෙනෙකු ද වනවා.
මේ අතර අමාත්‍ය එස් බී දිසානායක සහ ඔහුගේ පුත්‍රයා පහරදුන් බවට පවසමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙකු රෝහල් ගතවී තිබෙනවා.
උඩදෙල්තොට දෙමළ විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.