Gossips

මැතිවරණ නීති උල්ලංඝනය කළ අයෙක් අල්ලයි

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
07 වැනිදා රාත්‍රීයේ හලාවත – ඉලිප්පදෙණිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව පෝස්ටර් 70 ක් සහ අත් පත්‍රිකා 65 ක් තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම පොස්ටර් සහ අත් පත්‍රිකා මෙවර පළාත් පාලන මැතිවණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් හලාවත ප්‍රාදේශීය
සභාවට තරග කරන අපේක්ෂිකාවකට අයත් බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් සඳහන් කළා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත – ඉලිප්පදෙණිය පදිංචි 28 හැවිරිදි අයෙක්.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.