Gossips

මැතිවරණ කොමිසමේ සභාපති කණගාටුවෙන්

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් පුරවැසියෙකු ලෙස තමන් කණගාටු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය සහ පළාත් සභා ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් අද මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක නිරතවුණා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ.