Gossips

මැතිවරණ කොමිසමේ සභාපති කථානායකවරයා හමුවෙයි

අවශ්‍ය වුවහොත් ඇතැම් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයේ සියයට 25% සීමාව පිළිබඳ යම් සංශෝධනයක් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ, අද පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය හමුවෙමින්.
කථානායක කාර්යාලය නිවේදනය කළේ ලබන සතියේ පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද ඒ පිළිබදව දැනුම් දෙන ලෙස සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
ඊට අදාළව වාර්තාවක් යොමු කරන ලෙස කථානායක කරු ජයසූරිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පැෆ්රල් සංවිධානය සඳහන් කලේ පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බවයි.
එම ගැටලූවට නිවැරදි නීති උපදෙස් අනුව කටයුතු කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියා.
එමෙන්ම, නව මැතිවරණ ක්‍රමය යටතේ මීට පෙර පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර අහෝසි වී මිශ්‍ර ක්‍රමයක් යටතේ මන්ත්‍ර‍්‍රී ධුර බෙදාදීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළා.
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම ඊයේ (15) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණ ද එය මාර්තු මස 6 වනදා දක්වා කල් තැබුණේ ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන්.