Gossips

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් සභානායකට ඉල්ලීමක්

මැතිවරණ නීති යාවත්කාලීන කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මැතිවරණ ක්‍රියාදාමය වඩා විධිමත් හා විනිවිදභාවයකින් යුක්ත වීම සදහාල මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නීති යාවත්කාලීන කළ යුතු බවයි සභාපතිවරයා එමගින් දැනුම් දී ඇත්තේ.
1956 වසරේ සිට සෑම ජාතික මැතිවරණයකින් පසු මැතිවරණ හා සම්බන්ධ විවිධ කරුණු පිළිබදව සලකා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කර ඇති බව ද ඔහු සිය ලිපිය මගින් සිහිපත් කර තිබෙනවා.
එහෙත්ල මෑත කාලයේ මැතිවරණ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කර නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරන්නේ.