Gossips

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පක්ෂ නායකයන්ට ලිපියක්

නිල කාලය අවසන් වී ඇති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකර තිබෙනවා.
සභාපතිවරයා විසින් පසුගිය සතියේදී මෙම ලිපිය යොමු කළ බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියේ.
පළාත් සභා මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව විරුද්ධවන අතර සීමා නිර්ණ කටයුතුවලට අදාළ වාර්තා කඩිනමින් සකසන ලෙසට ද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
පළාත් සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය නෛතික වාතාවරණය සකස් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් වන බවද එම ලිපියෙන් පෙන්වා ඇති තවත් කරුණක්.