Gossips

මැතිවරණ කොමිසමේ බලය ගැන ඇමති විජේදාසගෙන් පැහැදිලි කිරීමක්

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම බවයි ඔහු කියා සිටියේ.
අමාත්‍යවරුන් පිරිසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.