Gossips

මැතිවරණ කොමිසමේ අද සාකච්ඡාවක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.
එහිදී ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
එමෙන්ම හෙට පස්වරුවේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
එහිදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානයට ලක් කරනු ඇති.
පළාත් සභා කිහිපයකම නිල කාලය අවසන් වීමත් සමඟයි මෙලෙස මැතිවරණ කොමිසම සාකච්ඡාවක් කැඳවා ඇත්තේ.