Gossips

මැතිවරණ කොමිසමෙන් පක්ෂ නායකයන්ට ලියයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළඹෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයා, අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.
මැතිවරණ කොමිසන් සභාවේදී පසුගියදා පැවති දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේදී ගත් තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහනක්ද අදාළ ලිිපිය සමඟ යොමුකර ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින නෛතික ගැටළු විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බවයි.