Gossips

මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත විසින් අදාළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.