Gossips

මැතිවරණ කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

නිල කාලය අවසන් වූ පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පියවර ගත යුතු බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ, පළාත් සභා පරිපාලනය නිලධාරීන් යටතේ පැවතීම ඒකාධිපති පාලනයක් බවයි.
පසුගිය ඔක්තෝබර් මස 11 වනදා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර, එහිදී ඇතිවූ එකඟතා සම්බන්ධයෙන් කොමිසම වාර්තාවක් සකස් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, අදාළ වාර්තාව කඩිනමින් පක්ෂ ලේකම්වරුන් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.