පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමේ බලය එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට පවරා තිබෙනවා.
ඒ, පසුගියදා රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටු රැස්වීමේදියි.
එම හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රම වේදයටද නැතහොත් නව ක්‍රමවේදයටද යන්න පිළිබඳව දීර්ඝ සංවාදයක් ඇතිවී තිබෙනවා.
එහිදී ඇතැම් පක්ෂ ස්ථිර ලෙසම නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර, තවත් පක්ෂ කිහිපයකම මතය වී ඇත්තේ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටයි.
මෙම විවිධ මත පිළිබඳව අවධානය යොමු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව අවසානයේ තීරණය කර ඇත්තේ කමිටුවක් මගින් ඒ පිළිබඳව යෝජනා ලබාගැනීමටයි.
එම කමිටුවේ සාමාජිකයන්ගේ අදහස් ලබාගනිමින් අවසන් එකඟතාවකට පැමිණීමේ වගකීම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරට පනවා තිබෙනවා.