Gossips

මැතිවරණ කල් දැමීමට එරෙහිව ඒකාබද්ධය වීථි බසී

රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.
ඒ, මැතිවරණ කල් දැමීම සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ඒ සම්බන්ධයෙන් මහනුවරදී ඊයේ අදහස් පළ කරමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ආණ්ඩුවට එරෙහිව තවදුරටත් කටයුතු කරන බවයි.
මේ අතර, ආණ්ඩුවේ නව වෙළඳ ප්‍රතිපත්තිය යථාර්ථයක් කිරිමට ඉඩ නොදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන තලංගම ප්‍රදේශයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ.