Gossips

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා – ඩලස්

පළාත් සභා මැතිවරණ සිතියම හකුලා දැමීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මැතිවරණය මාර්තු මාසයේ පවත්වන බවට පොරොන්දු වුවද එය ඉටුකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවද ඔහු කියා සිටියා.