මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අයවැය පරාජය කිරිමට පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එක්විය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
එහි සභාපති වසන්ත සමරසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අයවැය තුළින් පෞද්ගලික අංශයට කිසිදු සහනයක් ලැබී නොමැති බවයි.
