Gossips

මැතිවරණයෙන් පසු කියන කතා

පැවති පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙන්ම එමඟින් යහපාලන ආණ්ඩුවට ඇතිවී ඇති බලපෑම පිළිබඳව අද (13) පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවුණා.
ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ බැඳුම්කර වංචාකරුවන්ට ජනතාව නිසි පිළිතුරු ලබාදී ඇති බවයි.
මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සයිටම් සිසුන්ට සිදුකළ අසාධාරණය හේතුවෙන් ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක් උදාවූ බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඓතිහාසික ජයග්‍රහණයක් මෙවර මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත් බවයි.
කෙසේ වෙතත් හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ තිස්සමහාරාමයේ පිහිටි සිය නිවසේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තමා කිසිවිටකත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට භාරගැනීමට සුදානම් නොමැති බවයි.