Gossips

මැතිවරණයට එජාපයෙන් පුළුල් සන්ධානයක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම කණ්ඩායම පුළුල් සන්ධානයකින් තරඟ කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරගම නගරයේ අද පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින්.
මේ, මොණරාගල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි.
මේ අතර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි.