Gossips

මැතිවරණයක් ඉල්ලා හම්බන්තොට දී නීතිඥවරුන් විරෝධතාවක

කඩිනමින් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා හම්බන්තොට – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමය අද විරෝධතාවක නිරත වුණා.
හම්බන්තොට ගබඩා හන්දිය අසලදී පැවති මෙම විරෝධතාවට හම්බන්තොට මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශයේ ජනතාව ද එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කළේ.
එම ස්ථානයේ හම්බන්තොට මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබෙනවා.