Gossips

මැතිවරණයකට සූදානම් බව එජාපය කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගැටලූ පැවතිය ද තමන් මැතිවරණයට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණෙ නියෝජිතයින් පවසනවා.
ඔවුන් මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ ජනතා බලය සියල්ලට වඩා ඉහළින් පවතින බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම සදහා අනිද්දා දිනයේදී අධිකරණයට යන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කියා සිටියේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද හමුවුණා.
ඒ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.